Home » දේශබන්දුට එරෙහි විශ්වාසභංගය නිෂ්ඵලයි

දේශබන්දුට එරෙහි විශ්වාසභංගය නිෂ්ඵලයි

-හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ

by sachintha
March 31, 2025 4:23 pm 0 comment

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය නිෂ්ඵල කටයුත්තක් බව හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දී පෙරේදා (29) පැවැති මාධ්‍ය හමුවකදීය.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීම නීති විරෝධී බවත් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබිය දී ඔහු තවදුරටත් පොලිස්පති වශයෙන් කටයුතු නොකරන බවත් හෙතෙම කිවේය.

පාර්ලිමේන්තුවට එවන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ හැක්කේ ඒ මොහොතේ ධුරය දරන පුද්ගලයකුට පමණක් බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් වන යෝජනාවක් කථානායකවරයා භාර ගැනීමද ව්‍යවස්ථා විරෝධී බව ද පැවසුවේය.

මෙම විශ්වාසභංග යෝජනාව හරහා පාර්ලිමේන්තුව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරන බවත් හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT