යහපාලන ආණ්ඩුව දාපු නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් වෙද්දී දැන් මේ ආණ්ඩුව තමා හිරේ යවන්න අලුතින් දාන්න නඩු සොයමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. තමා හෝ තම ආච්චි හෝ මේ ආණ්ඩුව දමන නඩුවලට බය නැති බවත් රාජපක්ෂ මහතා කීවේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ට සහයෝගය දැක්වීමට සේදවත්ත වේරගොඩ පැවති ජනහමුවකට පෙරේදා (29) එක්වෙමිනි.
‘මේ ආණ්ඩුව කාලයක් මාව හිරේ යවන්න බැලුවා බැරිම තැන මල්ලිව හිරේට දැම්මා. මට රජ ගෙදරත් එකයි. හිර ගෙදරත් එකයි. බොරු කියලා දිනාගත්තු ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් පවා දැන් ඒගොල්ලන්ට කියපු දේවල් ඉටුකරන්න බැරි බව පිළිගෙන තිබෙනවා. මේ ආණ්ඩුවේ සමහර අය හිතාගෙන ඉන්නේ තවමත් ඒගොල්ලෝ ඉන්නේ විපක්ෂයේ කියලා. අපේ අතිනුත් වැරදි සිදුවුණා. දැන් අපි ඒවා හදාගෙන පක්ෂය ඉදිරියට ගෙන යන්නේ තරුණ පරපුරට ගැළපෙන ආකාරයට තාක්ෂණය යොදාගෙනයි. රට ඉදිරියට ගෙනයන ගමන සාර්ථක කර ගන්න සියලුම තරුණ තරුණියන්ගේ සහයෝගය අපේ කණ්ඩායම්වලට දෙන ලෙසද මා ඉල්ලා සිටිනවායැයි ද කීවේය.
කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන
මුල්ලේරියාව සමූහ – සිරිසේන ගමගේ