මියන්මාරයේ මැන්ඩලේහි ඇති වූ භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හා දේපොළ හානිය සම්බන්ධයෙන් එම රජයට සහ ජනතාවට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් බලවත් ශෝකය පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පවසයි.
මියන්මාරයේ නියෝජ්‍ය අගමැති සහ එක්සත් ඇමැති යූ. තන් ස්වේ මහතා වෙත ලිපියක් යොමු කරමින් විජිත හේරත් මහතා මේ බව සඳහන්කර තිබේ.අපගේ රටවල් දෙක සහ ජනතාව අතර සහයෝගය සියවස් ගණනාවක් පුරා පවතින බව පෙන්වා දෙන ඒ මහතා පැරණි සබඳතා පිළිබිඹු කරන මිත්‍රත්වයේ ශක්තියෙන් පීඩාවට පත්වූවන් සමඟ සහයෝගීතාවෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන බව ද කියා සිටියි. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී මියන්මාර ජනතාවගේ ශෝකය හා වේදනාව බෙදා ගන්නා බව සිය ලිපිය මඟින් පෙන්වා දෙන විදේශ කටයුතු ඇමැතිවරයා විපතට පත් වූ සහ වියෝ වූ අයගේ පවුල් වෙත ශෝකය පළකරන බව ද සඳහන් කරයි.
මෙම ඛේදජනක තත්ත්වය කෙටි කාලයක් තුළ ජය ගැනීමට ඔවුන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.
මහින්ද අලුත්ගෙදර