මියන්මාරයේ සහ තායිලන්තයේ ඇති වූ භූමිකම්පාවෙන් සිදුවූ විනාශකාරි තත්ත්වය අසන්නට ලැබීමෙන් ශ්‍රී ලාංකික ජනතාව මහත් වූ කම්පනයට පත් වූ බවත් මේ දුෂ්කර තත්ත්වයෙන් ඉක්මනින් මිදීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කරන බවත් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ සිදුවූ විපත සම්බන්ධයෙන් මියන්මාර් සහ තායිලන්ත තානාපතිවරුන් වෙත ශෝකය පළ කරමින් ලිපියක් යොමුකර තිබේ.
ශ්‍රී ලාංකිකයන් ලෙස මියන්මාරය සහ තායිලන්තය සමඟ අප සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් මෙම දෙරටම ලොව පුරා විසිරී සිටින බෞද්ධ වන්දනාකරුවන්ගේ පරාදීසයන් බවත් උන්වහන්සේ එහි සඳහන් කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් වන අපි තායිලන්තය සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගියෙමු. ඉතිහාසය පෙන්නුම් කරන්නේ අපි ඉතා දිගු කාලයක් පුරා ඓතිහාසික, සංස්කෘතික හා ආගමික බැඳීම් බෙදාගෙන ඇති බවයි. අපි හැම විටම තායිලන්ත ජනතාව සමඟ සමීප සබඳතාවක් පවත්වමු. ඔබ රටට සිදුවන කැලඹීම සහ විනාශය අපට ඉතා දරුණු ලෙස දැනේ. තායිලන්ත රජයට සහ එහි ජනතාවට අපගේ බලවත් සංවේගය උණුසුම් හදවතින් ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු යැයිද එහි සඳහන් කර තිබේ.
මැන්ඩලේ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් ඇති වූ විනාශකාරී තත්ත්වය අසන්නට ලැබීමෙන් අපි කම්පාවට පත් වුණෙමු. මැන්ඩලේ ගැන මට පෞද්ගලිකව ඉතා ප්‍රසන්න මතකයන් ඇත. ශ්‍රී ලාංකිකයන් වන අපි මියන්මාරය සමඟ ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන ගියෙමු. නිදහස ලැබීමෙන් පසු දෙරටේම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතා ඉක්මනින් බෙදාගත් බව අපි කවුරුත් දනිමු. ඉතිහාසය පෙන්නුම් කරන්නේ අපි ඓතිහාසික, සංස්කෘතික වශයෙන් බෙදාගත් බවයි. ඔබගේ රටට සිදු වූ විපත නිසා ඇතිව තිබෙන දුක වේදනාව අපට තදින් දැනේ. මියන්මාර රජයට සහ එහි ජනතාවට අපි බලවත් සංවේගය ප්‍රකාශ කරන්නෙමු යනුවෙන්ද දක්වා තිබේ.
අසේල කුරුළුවංශ