Home » ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති රාමසාන් උත්සවයට සුබ පතයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති රාමසාන් උත්සවයට සුබ පතයි

by sachintha
March 31, 2025 10:14 am 0 comment

ඊදුල්-ෆිතර් අවුරුදු උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමූද් අල්- කහ්තානි මහතා ප්‍රකාශ කරයි. මේ ආශීර්වාද ලත් සුබ අලුත් අවුරුදු උත්සවය ජනතාව අතර අලුත් කිරීම සහ එකමුතුකම සඳහා අවස්ථාවක් නියෝජනය කරන බව පෙන්වා දෙන ඒ මහතා, ඔබ සමඟ අවුරුදු උත්සවයේ ප්‍රීතිය බෙදා ගැනීමට සහ ආදරයේ සහ සහෝදරත්වයේ වාතාවරණයක් අත්විඳීම පිළිබඳව සතුටු වන බව ද කියා සිටියි. සර්වබලධාරී අල්ලාහ් දෙවියන් වහන්සේගෙන්

ඉල්ලාසිටින්නේ, අපට සහ ඔබට තවත් වසර ගණනාවක් සතුටින් සිටීමටත්, ඔබට සෞඛ්‍යය හා යහපැවැත්ම ලබාදීමටත්, අපගේ දෙරට සියලු මට්ටම්වල මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් අඛණ්ඩව පවත්වා ගැනීමටත් බව පෙන්වා දෙන තානාපතිවරයා, සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතා තර කිරීම පිළිබඳව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බව ද කියා සිටියි.අපගේ රටවල් දෙකේ යහපත හා සමෘද්ධිය සඳහා මේ සහයෝගීතාව දිගටම පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වන බව ද කාලිඩ් බින් හමූද් අල්-කහ්තානි මහතා කියයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT