අනාගතයේ දී රටේ බලශක්තිය අර්බුදයකට යෑම වැළැක්වීමට සෝලා කර්මාන්තය දිරිමත් කළයුතු බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ ද කීවේය. “මේ වෙද්දි වර්තමාන රජය දිනපතා ප්‍රවෘත්ති නිර්මාණය කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මේ සෑම ප්‍රවෘත්තියකින්ම කියවෙන්නේ රජයේ පසුගාමීත්වය. එහි දැකපු කාරණයක් තමයි ඊයේ පෙරේදා දවස්වල කැබිනට් තීන්දුවක් කැබිනට් මණ්ඩලයට යොමු කළා සෝලා පද්ධති වෙනුවෙන් පාරිභෝගිකයන්ටත්, ව්‍යාපාරිකයන්ටත් ගෙවීම් මුදල අඩු කරන්න. ඒ බලාගාරයන්ට අපේ රජයෙන් රුපියල් 27ක් ගෙවීමක් කළා. මෙය ධෛර්යවත් කරන්න. බැංකු ණයක් අරගෙන හරි මෙය සවිකරගත් විට අවුරුදු හතරක්,පහක් ගිය පසු විදුලි බිල ආවරණය කරගෙන ලාභයක් ගන්න පුළුවන් ආකාරයට
සූර්යාලෝකය වැටෙද්දි එයින් ගෙදර ආර්ථිකයටත් යම්කිසි සහයෝගයක් දෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙළක් අපි නිර්මාණය කළා. හැබැයි අද වෙද්දි සියයට පහළොවකටත් වැඩි ගාණකින් අඩුකර දැන් රුපියල් 19 දක්වා අඩු කරන්න කැබිනට් යෝජනාවක් ගේනවා. මෙයට පාදක වුණේ වඳුරා පැනලා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් කඩා වැටුණා කියන ප්‍රවෘත්තිය. එය ඇමැතිවරයා නිකුත් කළා. ඒ වගේම ඇමැතිවරයා නිකුත් කළා ගිය රජයේ කළමනාකාරීත්වයේ අඩුපාඩු නිසා තමයි මෙය වුණේ කියලා. අපි ඒ අවස්ථාවේ කළේ ජනතාව අතරට මේ සූර්ය බලශක්තිය ලබාගැනීමේ, අපේ රටේ විදේශ විනිමය වෙනත් රටවලට යෑම වළක්වා ගන්න, ඩොලර් තියාගන්න අපට ස්වාභාවිකව වැටෙන ඉර එළියෙන් අපි විදුලිය උත්පාදනය කරන්න. එය අපි ඉලක්කගතව කළා. අපි 2022 අමාත්‍යාංශවලට පත්වූ විට අපි පූලුවන් තරම් උනන්දු කළා මේ ව්‍යාපාරයේ සිටින මේ කණ්ඩායම සහ මේවා උනන්දුවක් දක්වන ආයෝජකයන්ට ඒ අවස්ථාව දෙන්න. ඇමැතිතුමාට කියනවා කරුණාකර ඒ පරණ රෙකෝඩ්ස් ගන්න.මේ පිරිස හොයන්නේ පරණ රෙකෝඩ්ස්වල වැඩක් ඇති දේ නොවේ. වැඩක් නැති දේවල්. මේ කුණුකන්දල් අදින්න ගිහින් රටේ බලශක්තියට වැඩදායි තීන්දු තීරණ ගත්ත ෆයිල් ටික අද වැහිලා තිබෙනවා. ඒ නිසා වර්තමාන ඇමැතිවරයාට ප්‍රකාශ කරනවා ඒ ෆයිල් යටපත් වෙන්න ඉඩ දෙන්න එපා.මේ වෙද්දි අපි යෝජනා කර තිබෙනවා, ආයෝජකයෝ හඳුනාගෙන තිබෙනවා. මේ බැටරි හරහා ගබඩා කරන ක්‍රමවේදය කළයුතුමයි කියලා. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ එය පැත්තකින් කියලා සෝලා ගහන එක නැවැත්වීම. මේ සෝලා ගහන්නේ නැති වූ විට ඩීසල් බලාගාර ටික නැවත පණගන්වන්න වෙනවා. ගල් අඟුරු බලාගාරය නොනවත්වා පවත්වාගෙනයන්න වෙනවා. ඒ නිසා මේ වගේ තීන්දු මේ ආණ්ඩුව ගන්නවා. මේ ආණ්ඩුව හිතාගෙන සිටිනවා ඇමැතිවරයෙක් වාහනයක් භාවිත නොකළාම, ගෙයක් පාවිච්චි නොකළාම, කාර්ය මණ්ඩලය අඩු කරගත්තාම ලොකු ලාභයක් එනවා කියලා. බලශක්ති අමාත්‍යාංශයේ වැදගත්කම වෙන්නේ මුළු රටේම අනාගතය ගැන කියවෙන නිසයි. ආයෝජකයෝ එන්නේ අඩු පිරිවැයක් විදුලිබලයට තිබෙනවා නම්. ඒ වගේම මේ සෝලා ව්‍යාපාරය අද මේ රටේ විශාල පිරිසක් අතට ගිහින් තිබෙනවා.
මහින්ද අලුත්ගෙදර