Home » අවිද්‍යාවෙන් වැසී ඇති ප්‍රඥාව හරි මඟට ගත යුතුයි

අවිද්‍යාවෙන් වැසී ඇති ප්‍රඥාව හරි මඟට ගත යුතුයි

-'ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025' විද්වත් අභිනන්දනයට එක් වෙමින් කථානායක කියයි

by sachintha
March 31, 2025 4:32 pm 0 comment

වර්තමානයේ රටේ පවතින්නේ පුනරුද අවස්ථාවක් බවත්, අවිද්‍යාවෙන් වැසී ඇති ප්‍රඥාව හරි මඟට ගත යුතු බවත් කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවැසීය.

කථානායකවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංගමය සිව් වැනි වරටත් සංවිධාන කළ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හිදී පසුගියදා (27) පැවැති ‘ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප 2025’ විද්වත් අභිනන්දනයට සහභාගි වෙමිනි.

මෙහි මුලසුන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ හෙඹවූහ. ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක, වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහභාගි විය. මහා සංඝරත්නය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් එම්. මානගේ, පීඨාධිපතිවරුන්, ආදි විද්‍යාර්ථයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙලෙස ද කීවේය.

“අප අද සිටින්නේ මේ රටේ පුනරුද අවස්ථාවක. අවිද්‍යාවෙන් වැසී තිබෙන ප්‍රඥාව අප පෙරට ගත යුතුයි. ව්‍යවස්ථාදායකය ද මෙයට අයත්. දැන් අප උත්සාහ කරන්නේ අවිද්‍යාවෙන් වැසී සිටින අයගේ ප්‍රඥාව පෙරට ගැනීමටයි. අද පාර්ලිමේන්තුවේ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බිහිවූ පිරිස් සිටිනවා. මේ උත්සවය ඉතා අගය කරන්න ඕනෙ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විනෝද විය යුතුයි. විවේචනශීලී විය යුතුයි. හැබැයි සත්‍යගරුක විය යුතුයි. අද දින ඇගයීම් ලබන විද්‍යාර්ථයන්ට මම සුබ පතනවා. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ සුබපැතුම් ද මම මේ අවස්ථාවේ පිරිනමනවා.”

මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා

“ගිහි පැවිදි විද්‍යාර්ථයන් විශාල පිරිසක් මේ වන විට මේ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පිටව තිබෙනවා. මේ විශ්වවිද්‍යාලයේ අලුත් පරපුර මෙහි අතීතය දැනගත යුතුයි. මේ විද්‍යාර්ථයන්ගේ සංගමය විශ්වවිද්‍යාලීය අභිවෘද්ධියට විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. අද ඇගයීමට ලක්වන්නේ විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයෝ. මොවුන් මෙරට තුළ පමණක් නොව ලෝකය පුරාම විවිධ කාර්යයන් කරනවා. ඔවුන් සත්පුරුෂයන්, කළ්‍යාණමිත්‍රයන් ලෙස හඳුන්වන්න පුළුවන්.”

මෙහිදී සුවිශේෂි ගෞරව ප්‍රසාදයෙන් ලාෆ් පෞද්ගලික සමූහයේ සභාපති, දේශබන්දු ආචාර්ය ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය, විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු වූ ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්වරු පිදුම් ලැබූහ. භික්ෂූන් වහන්සේගේ කාර්ය සාධනය වෙනුවෙන් නුගේගොඩ මිරිහාන විවේකාරාමයේ විහාරාධිපති කිතලගම හේමසාර නාහිමි, අමෙරිකාවේ බටහිර වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව නාහිමියෝ ද පිදුම් ලැබූහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඒ. ජී. සුනිල් කුමාර ගමගේ මහත්වරු දේශපාලන භූමිකාවේ නව ප්‍රවේශය වෙනුවෙන් ඇගයීමට ලක් වූහ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනර්ඝ ප්‍රතිඵල වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජී. ඩී. සමරසිංහ, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පිඨාධිපති, මහාචාර්ය නලින් අබේසේකර, කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය බණ්ඩාර වන්නිනායක, ඕස්ට්‍රේලියාවේ වුලින්ගොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර ද සොයිසා, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අයි. බී. ජයසිරි වීරවර්ධන, ඕස්ට්‍රේලියාවේ ආර්. එම්. අයි. ටී. විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රේම් යාපා, කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ, සම්මානනීය ලේඛක මහාචාර්ය එල්. සිසිල් ෆොන්සේකා, පිලිපීනයේ ආසියානු සංවර්ධන බැංකුවේ ආචාර්ය ඩබ්ලිව්. ජී. සෝමරත්න, ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ සභාපති එච්. රෝහණ නිශාන්ත හෙට්ටිආරච්චි, සීෂේල්ස් ජනරජයේ ප්‍රධාන විගණන අධිකාරී එස්. ගාමිණී හේරත් මහත්වරු ද මෙහිදී පිදුම් ලැබූහ.

රටට හිතැති පරිපාලනය වෙනුවෙන් ඇමැති මණ්ඩල ලේකම් ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. කේ. දිලිප් ලාල් සිල්වා, භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් අනුර නානායක්කාර හපුගල, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විමල් ශාන්ත කුමාර ලියනගම, ජාතික අය-වැය අධ්‍යක්ෂ ජනරාල් එස්. ඩී. ජූඩ් නිලුක්ෂාන්, තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. ඒ. සේපාලිකා චන්ද්‍රසේකර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේතුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, රජයේ ප්‍රධාන තක්සේරුකරු එන්. ඒ. සුජීව වසන්ත කුමාර, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. එස්. ක්‍රිස්ටෝපර් නෝනිස්, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල් පී. කේ. ධම්මික ප්‍රියන්ත, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලන ජනරාල් අයි. එස්. එච්. ජේ. ඉළුක්පිටිය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර, සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තීක්ෂණ සුරවීර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී. පී. එච්. දිසාබණ්ඩාර, සීමාසහිත ලංකා අශෝක් ලේලන්ඩ් පෞද්ගලික ආයතනයේ සභාපති ඒ. ඒ. මිල්ටන් අමරසිංහ, ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ සභාපති මහාචාර්ය ගුණතිලක තන්තිරිගම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්. ඩී. ජේ. විජයබණ්ඩාර, නිවාස සංවර්ධන මූල්‍ය බැංකුවේ සභාපති ප්‍රීති ජයනන්ද ජයසිංහ මහත්වරු ද ඇගයීමට පාත්‍ර වූහ.

ව්‍යවසායකත්වයේ සාර්ථක ඵලදායීතාව වෙනුවෙන් ඔමේගා ලයින් සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ෆර්නෑන්ඩු, ජීනියස් ඇසෝසියේට් පුද්ගලික සමාගමේ සභාපති ඩබ්ලිව්. යූ. දොන් මනෝජ් පෙරේරා, ප්‍රිසවින්ග් ලෑන්ඩ් ඇන්ඩ් නේචර් සමාගමේ සභාපති ශ්‍රියාන් ජෝශප් ද සිල්වා විජේරත්න, සිසිලි ව්‍යාපාර සමූහයේ සභාපති උදය අබේසේකර, දකුණු අප්‍රිකාවේ ජොන්සන් ක්‍රේන් හයර් පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජී. ආර්. ලලිත් සේනාරත්න, ඩායි ලංකා ඔටෝ එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ සභාපති ඩී. රංජිත් ලක්ෂ්මන්, වුඩ් ප්‍රඩක්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජී. වී. යූ. ගොඩගම, බංග්ලාදේශයේ සීමාසහිත ලක්ධනවි බංග්ලා පවර් ආයතනයේ සභාපති යූ. ගාමිණී සරත්, බ්‍රිස්කා අවුට්සොසිංග් සර්විස් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ කේ. ඕලු ලවන්‍යා ජයසූරිය, හොරයිසන් සමාගම් සමූහයේ සභාපති ඩී. ඒ. උපුල් ප්‍රියසමන් දරණාගම, ජැක් ෆෘට් සිලෝන් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එන්. වී. රිෂාන් දුලාංජන, ඕස්ට්‍රේලියාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සජිත් නිලන්ත උදුකල මහත්වරු ද පිදුම් ලැබූහ.

ගුණ නුවණින් යුතු සජීව කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩබ්. වී. සුපුන් ඩී. වීරසිංහ, ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ මහා කළමනාකරු ඩබ්. පී. රෆෙල් ෆොන්සේකා, ලංකා ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජේ. ඒ. පී. මහේන්ද්‍ර ජයසේකර, සීමාසහිත සියපත මූල්‍ය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ෆිනගල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කුෂාන් අමරසිංහ, සී. බී. එල්. නැචුරල් ෆුඩ් ක්ලස්ටර් ප්‍රධාන විධායක නිලධාරී එම්. ඩබ්. රන්දිව මලලසූරිය මහත්වරු ද උපහාරයට පාත්‍ර වූහ.

නන් විසිතුරු මඟ සලකුණු ක්ෂේත්‍රය සඳහා සම්මානනීය නාට්‍යවේදී කේ. සමිත සුධීශ්වර පෙරේරා, මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ, ජාත්‍යන්තර ක්‍රීඩිකා ඩී. එම්. ශ්‍රීමාලි සමරකෝන්, ජාත්‍යන්තර ක්‍රීඩක චමීර ගිනිගේ, ප්‍රංශයේ සමාජ ක්‍රියාකාරිනී වෙස්ලි චන්ද්‍රිකා වගලත්, සමාජ ක්‍රියාකාරිනී එච්. පී. එච්. මේනකා පතිරණ, ඕස්ට්‍රේලියාවේ කැන්බරා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය අධිකාරී ඩී. ඩී. සිසිර ජයවර්ධන යනු මහත් මහත්මීහු ද ඇගයීමට පාත්‍ර වූහ.

උපාලි කරුණාරත්න

ඡායාරූපය- සුලෝචන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT