22
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අතර හමුවක් අමාත්‍යාංශයේදී පසුගියදා (27) පැවැත්විණි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාවට ඉන්දීය ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතාව පිළිබඳ උපදේශක මයිෙත්‍ර කුල්කානි (Maitrey Kulkarni) සහ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූහ.
නෙරංජලා වික්‍රමසිංහ