Home » සරසවි ශිෂ්‍ය තානාපතිවරුන්ට පුහුණු වැඩසටහනක්

සරසවි ශිෂ්‍ය තානාපතිවරුන්ට පුහුණු වැඩසටහනක්

by sachintha
March 31, 2025 4:25 pm 0 comment

විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් සඳහා ළමා ආරක්ෂාව පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා (29) ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් සංවිධාන කර තිබිණි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක්ව එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර විවිධාකාරයේ අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ශිෂ්‍ය තානාපතිවරුන් දැනුම්වත් කෙරිණි.

මේ අවස්ථාවට රාජ්‍ය විශ්වවිද්‍යාල රැසක් නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටින ශිෂ්‍ය, ශිෂ්‍යාවන් රැසක් සහභාගි වූහ.

දුලක්ෂි උඩගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT