තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා (28) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
වර්තමාන තරුණ තරුණියන් මුහුණදෙන ගැටලු පිළිබඳවත් එම ගැටලු විසඳා ගනිමින් ඔවුන් වෘත්තීය දැනුමෙන් මෙන්ම මානවීය ගුණාංගවලින් සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෙස දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.
මෙහිදී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීම, වෘත්තීය පුහුණු පාඨමාලා නවීකරණය, තරුණ කටයුතු පිළිබඳ දැනට සේවය කරමින් සිටින නිලධාරීන්ව තවදුරටත් පුහුණු කිරීම යන මූලික කරුණු තුනක් යටතේ ඉදිරියේදී ක්‍රියාමාර්ගවලට එළැඹීමට යෝජනා වී තිබේ.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත, වෛද්‍ය දයන්ත රණතුංග මහතා, වැඩසටහන් සම්බන්ධීකාරක යෂාරා නතානීල් මෙණෙවිය, සමාජ ප්‍රතිපත්ති නිලධාරිනි පියුමාලි රණසිංහ මෙණෙවිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගි වූහ.
මලිඳු තෙන්නකෝන්