Home » සිරි දළදා දැක්මට සැරසෙන මහනුවර

සිරි දළදා දැක්මට සැරසෙන මහනුවර

by sachintha
March 31, 2025 4:00 pm 0 comment

සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් ක්‍රමානුකූලව සහ පිළිවෙළකට දළදා මැදුර වෙත ඇතුළු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදු කෙරෙන තාවකාලික ඉදි කිරීම් කටයුතු මෙම දිනවල සිදු කෙරෙමින් පවතී.

දළදා වන්දනාව පැවැත්වෙන අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට පැමිණෙතැයි අපේක්ෂිත අතර ඔවුන් පෝලිම් තුනක් ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට නියමිතය.

එම ජනතාවට ඓතිහාසික මහ මළුවේ සිට ප්‍රධාන වාහල්කඩ තුළින් පෝලිම් තුනක් ඔස්සේ ක්‍රමානුකූලව දළදා මාලිගාව තුළට ප්‍රවිෂ්ට වීමට හැකියාව ලැබෙන අතර අතරමැදින් කිසිවකුට හෝ එම පෝලිම්වලට එකතු වීමට නොහැකි වන ලෙස දැවයෙන් එම පෝලිම් තුන වෙන් කර තිබේ. අදාළ ඉදිකිරීම් කටයුතු මෙම දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතින්නේ 16 වසරකට පසු දළදා වහන්සේ වන්දනාමාන කිරීමට බැතිමතුන්ට අවස්ථාව සලසා දීමේ අරමුණින් වන අතර මේ සඳහා යුද, ගුවන් හා නාවික හමුදා සහාය දී ඇත.

මහනුවර වැව රවුමේ සිට පෝලිම් දෙකකින් සහ මහනුවර ඩී.එස්. සේනානායක විදිය ඔස්සේ ඇති එක් පෝලිමකින් මහ මළුව වෙත බැතිමතුන් ඇතුළු කිරීමට සැලසුම් කර තිබෙන අතර දළදා මාලිගා පරිශ්‍රයෙන් පිටත සිට ආරම්භ වන එම පෝලිම් සඳහා ද වැටවල් මෙන්ම උඩු ආවරණ යෙදීමට තීරණය වී තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT