Home » වරාය භාණ්ඩ සහ බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ‍පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි

වරාය භාණ්ඩ සහ බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව ‍පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි

by chanaka
March 31, 2025 3:32 pm 0 comment

වරාය භාණ්ඩ සහ බහාලුම් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලොව අංක එක ස්ථානයට පැමිණීමට චීනය සමත්ව ඇති බව චීන ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ බව තහවුරු කරමින් එහි නිලධාරීන් 29 වැනිදා හෙළි කළේ 2024 වසරේ දී, චීනයේ වරාය භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව ටොන් බිලියන 17.6 දක්වාත්, භාණ්ඩ ගොඩ බෑමේ හා පැටවීමේ ධාරිතාව කන්ටේනර කෝටි 33ක් දක්වාත් පැමිණ ඇති බවයි.

එම දත්තයන්ට අනුව 2024 වසරේ දී, භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛ වරායන් දහය අතර සහ බහාලුම් ප්‍රවාහනය පිළිබඳ ලෝකයේ ප්‍රමුඛ වරායන් දහය අතර චීනය පිළිවෙලින් ස්ථාන අටක් සහ ස්ථාන හයක් හිමි කර ගෙන ඇත.

ලෝක මට්ටමේ ඉහළ වරායක් ගොඩනැගීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා නව යුගයේ නව ගමනේදී, ඒකාබද්ධ සංවර්ධනය, නවෝත්පාදන සංවර්ධනය සහ ආරක්ෂිත සංවර්ධනය කෙරෙහි අනුගත වෙමින් වරායන් ගොඩනැගීමට තම රට සූදානමින් සිටින බව චීන ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරියෙක් මෙහිදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT