භූමිකාම්පා විපත් සහන වෙනුවෙන් චීනය මියන්මාරයට යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දෙයි.
ඒ මියන්මාර රජයේ ඉල්ලීමකට අනුව ය. ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව පිළිබඳ චීන ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මේ බව පැවසීය.
28 වැනිදා පස්වරුවේ මියන්මාරයේ ප්‍රබල භූමිකම්පාවක් සිදුවිය. එරට රාජ්‍ය පරිපාලන කවුන්සිලය අනාවරණය කළ දත්තවලට අනුව, මේ දක්වා ඉන් මියගිය සංඛ්‍යාව 1,600 ඉක්මවයි. තුවාල ලැබූ සංඛ්‍යාව 3400ක් ඉක්මවමින් සිටින අතර 139 ක් පමණ අතුරුදහන්ව සිටිති.
මේ අතර චීන රතු කුරුස සංගමය ද මියන්මාර රතු කුරුස සංගමය හරහා එරට විපත් ප්‍රදේශ වෙත හදිසි සහනාධාර සැපයුමක් සිදු කර ඇත. කූඩාරම්, ඇතිරිලි, හකුලන ඇඳන් ඊට ඇතුළත් ය. එසේ ම, චීන රතු කුරුස සංගමයේ ගලවා ගැනීමේ කණ්ඩායම අදාළ මෙහෙයුම් ක්‍රියාවට නැංවීම සඳහා දැනටමත් මියන්මාරය බලා ගොස් ඇත.