Home » අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කෙරේ

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කෙරේ

by chanaka
March 31, 2025 4:52 pm 0 comment

අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතන පරික්‍ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ආහාර පරිහරණ ආයතනවල පරීක්ෂා කිරීමේ කටයුතු අද ආරම්භ කළ බවයි.

“අප්‍රේල් මාසය පුරාවටම මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා.ලංකාවේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන විදිහට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මේ කටයුතුවල නිරත වෙනවා.

විශේෂයෙන් මහජනතාව වැඩියෙන් එක්රැස් වෙන ප්‍රදේශවල හොටල්, ආපනශාලා වැනි ආහාර පරිහරන ආයතන පරීක්ෂා කිරීම් වෙනවා. ඒ වගේම උත්සව සමය වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ආහාර, රස කැවිලි සහ පලතුරු වර්ග පිළිබඳව පිළිබඳව වැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම උත්සම සමයේ විශාල ලෙස මිල ඉහළ යන පාරිභෝගික භාණ්ඩ වන පොල්තෙල්, රසකාරක වර්ග, වර්ණක, තුනපහ පිලිබදව අපි වැඩි අවදානය යොමු කරලා ඒ පිළිබඳව පරීක්ෂණ කරනවා. ඒ වගේම යම් අවදානම්, සැකසහිත තත්වයක් හම්බුනොත් අපි ඒ අදාළ ආහාර සාම්පල් අරගෙන රජයේ රසපරීක්ෂකට හෝ අනුමත රසපරීක්ශකට යවන්න කටයුතු කරනවා.” යනුවෙන් වැඩිදුරටත් කරුණු දැක්වමින් උපුල් රෝහණ මහතා පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT