229
යහපත්ව රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරීන් දිරිමත් කරමින් ත්‍යාග සහ පොලිස්පති ප්‍රශංසා පිරිනැමීමේ ක්‍රියාවලිය මත මුදල් ත්‍යාග ලෙස රුපියල් දෙකෝටි හයලක්ෂ පන්දහසක මුදලක් නිලධාරීන් 140 දෙනකු අතර බෙදාදීම පසුගියදා පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේදී සිදු විය.
එදින පොලිස් නිලධාරීන් 25 දෙනකුට පොලිස්පති ප්‍රශංසා 25ක්ද පිරිනැමිණි. ඒ නිලධාරීන් 140ට අමතරව යුද හමුදා සහ නාවික හමුදා නිලධාරීන් 113 දෙනකු, සිවිල් පුද්ගලයන් 5 දෙනකුද ඇතුළු තවත් නිලධරයෝ 375 දෙනකු සඳහාද පොලිස්පති ත්‍යාග මුදල් හිමි වී තිබිණි. මෙරටදී සිදු වූ කොල්ලකෑම්, සොරකම්, මුදල් වංචා කිරීම්, පරිගණක අපරාධ වැනි විවිධ අපරාධ සේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, එම අපරාධකාරයන් හා බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට කටයුතු කළ නිලධාරීන් එලෙස ඇගයීම සිදු විය.
(අමිල මලවිසූරිය )