Home » ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි

ගත්ත ගානට වැඩියෙන් මස්ක් X විකුණයි

by yasara
March 29, 2025 11:45 am 0 comment

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්  X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි.

කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වේ.

මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට ‘Twitter’ ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසයි.

2022 වසරේදී ඔහු ‘Twitter’ මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 44කටය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT