Home » දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

දේශබන්දුට සැඟවී සිටීමට සහාය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

by yasara
March 29, 2025 11:34 am 0 comment

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙයි.

ඉකුත් පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය තුළ දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා දින 19කට පසුව පසුගිය මාර්තු 19 වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට සිය නීතීඥවරුන් සමග පැමිණ භාර වුණි.

මේ වනවිට අප්‍රේල් මස 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ.

2023 වසරේ මාතර, වැලිගමදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්, එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගිය පෙබරවාරි‍ 27 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT