Tuesday, April 22, 2025
Home » පාණදුර ශ්‍රී සුමංගල-මොරටු විදුහල පළමු තෙදින මොරටු රන් සටන අද ඇරඹේ

පාණදුර ශ්‍රී සුමංගල-මොරටු විදුහල පළමු තෙදින මොරටු රන් සටන අද ඇරඹේ

by sachintha
March 28, 2025 4:16 pm 0 comment

පාණදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු විදුහල අතර 73 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (28) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ තරග ඉතිහාසයේ පළමු වරට මෙවර තරගය තෙදින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයකි.

ශ්‍රී සුමංගල පිල දුරංක ද සිල්වාගේ නායකත්වයෙන් සහ මොරටු

විදුහල් පිල ඉසුරු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් මේ තරගයට එක් වෙයි.

1934 වසරේ දී ඇරඹුණු මේ මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ මෙතක් පැවති තරග අතුරින් ජයග්‍රහණ 8ක් හිමි කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් වෙද්දී මොරටු විදුහල තරග 7ක් ජය ගෙන තිබේ. ඉතිරි තරග සියල්ල විසඳුමකින් තොරව අවසන් වී ඇත.

අවසන් වරට 2010 වසරේ අනුරුද්ධික කල්හාරගේ නායකත්වයෙන් මොරටු විදුහල මේ තරගය ජයගත් අතර, ශ්‍රී සුමංගල අවසන් ජයග්‍රහණය 2007 වසරේ දී සටහන් වන්නේ ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙනි.

මේ තරග ඉතිහාසයේදී ශ්‍රී සුමංගල විදුහල නියෝජනය කළ දොන් අනුරසිරි, ඉන්දික ගාල්ලගේ, ඩිල්රුවන් පෙරේරා, කෞෂාල් සිල්වා, කිත්රුවන් විතානගේ සහ ඕෂධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ අතර, මොරටු විදුහල නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් අජන්ත මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු සහ නිශාන් මධුෂ්ක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා එක් වූ අතර, ලංකා පිල නියෝජනය කිරීමට සරත් ප්‍රනාන්දු සහ බර්නාඩ් පෙරේරා සමත් වූහ.

ශ්‍රී සුමංගල විද්‍යාලයීය සංචිතය: දුරංක සිල්වා (නායක), සෙනිර විජේගුණසිංහ (උප නායක), අකිල වෙදමුල්ල, මෙවිඳු කුමාරසිරි, නේක්ෂ ඉද්දමල්ගොඩ, රුසිත් ජයවර්ධන, බිහඟ සිල්වා, සංදීප් විජේරත්න, සදෙව් හෙට්ටිආරච්චි, සදික හේවගේ, අනුහස් ද සිල්වා, ළෙළුම් වීරසිංහ, විසල් හංසිත, මෙතුම් ප්‍රනාන්දු, චනිරු ප්‍රනාන්දු, දිනූෂ ප්‍රනාන්දු.

මොරටු විද්‍යාලයීය සංචිතය: ඉසුරු ප්‍රනාන්දු (නායක) ෂෙහාර ප්‍රනාන්දු (උප නායක), සංජන සෙනෙවිරත්න, සිතුම් සිල්වා, හසිඳු ගිම්සර, ඕෂධ දිනියුරු, සවිඳු ෂෙහාර, සත්සර මිහිරංග, විහඟ නෙත්සර, සඳුන් සුදර්ශන, මලිත් පෙරේරා, සඳනෙත් යහම්පත්, නිශිත දුලංජන, සචිත්‍ර පතිරණ, සසිඳු පීරිස්, විසල් ශ්‍රී සත්සර.

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT