වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන රාජස්ථාන් රෝයල්ස් පිල පරදවා කඩුලු 8ක පහසු ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
අයිපීඑල් තරගාවලියේ 6 වැනි තරගය ලෙස ගුවහාතිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් ඉනිම ලකුණු 151කින් නතර කළ කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 15ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමිකර ගනිමිනි.
ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් පන්දු 61කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 97ක් රැස් කරමින් කොල්කටා පිල ජයග්‍රහණය කරා ගෙනගිය අතර, කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ වනිඳු හසරංගට පමණි.
ධෘව් ජුරෙල් ලකුණු 33ක් රැස් කරමින් රාජස්ථාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, වනිඳු හසරංග ලකුණු 4ක් රැස් කළ අතර, තීක්ෂණ නොදැවී එක් ලකුණක් රැස් කළේය. පන්දු යැවීමේදී වරුන් චක්‍රවර්ති, මොයින් අලි, චෛභව් අරෝරා සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් බිඳ දැමූහ.
රාජස්ථාන් රෝයල්ස් – 151/9 (ඕවර 20) ධෘව් ජුරෙල් 33, යශස්වි ජයිස්වාල් 29 (වරුන් චක්‍රවර්ති 17/2, මොයින් අලි 23/2, චෛභව් අරෝරා 33/2, හර්ෂිත් රානා 36/2)
කොල්කටා නයිට් රයිඩර්ස් – 153/2 (ඕවර 17.3) ක්වෙන්ටන් ඩි කොක් (නොදැවී) 97, අන්ක්‍රිස් රඝුවන්ෂි (නොදැවී) 22