Home » තහනම් උත්තේජක භාවිතයෙන් ක්‍රීඩකයන්ට වන හානිය ගැන පාසල් දරුවන්ට අවබෝධය දීම වැදගත්

තහනම් උත්තේජක භාවිතයෙන් ක්‍රීඩකයන්ට වන හානිය ගැන පාසල් දරුවන්ට අවබෝධය දීම වැදගත්

-ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

by sachintha
March 28, 2025 4:13 pm 0 comment

ක්‍රීඩා ඇමැතිවරයා අතින් ජයග්‍රාහකයකුට සහතික සහ ත්‍යාග පිරිනමමින්.

තහනම් උත්තේජක භාවිත කිරීම නිසා ජීවිතවලට හා ක්‍රීඩකයන්ට වන හානිය පිළිබඳව පාසල් දරුවන්ට අවබෝධයක් ලබාදීම වැදගත් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසීය.

පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම වළක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත්, රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් අපේක්ෂා කරන, පාරිසරික, ආකල්පමය සහ ආචාරධාර්මික වෙනස ඇති කිරීමට ද මෙවැනි සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සංවිධාන කළ, පාසල් චිත්‍ර තරගාවලියේ ත්‍යාග හා විවාද තරගයේ සහතික පත්‍ර පිරිනැමීම ඊයේ (27) සිදු කළ අවස්ථාවේදී ඇමැතිවරයා මේ අදහස් දැක්වීය.

‘සැබෑ විජයග්‍රහණයක් සඳහා පිරිසිදු ක්‍රීඩාවක්’ යන තේමාව ඔස්සේ මෙම තරගාවලිය පවත්වා තිබිණි.

මේ අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ හිටපු සභාපති වෛද්‍ය අර්ජුන ද සිල්වා, හිටපු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලි ජයවික්‍රම, වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි පිලපිටිය ඇතුළු මහත්ම මහත්මිහු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT