Home » පළමු කඩඉම ජයගත් නිපුනිට දෙවැනි සටන වැරදෙයි

පළමු කඩඉම ජයගත් නිපුනිට දෙවැනි සටන වැරදෙයි

by sachintha
March 28, 2025 4:00 pm 0 comment

ජෝර්දානයේ අම්මාන්හිදී පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ ආසියානු මල්ලවපොර ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා කිලෝග්‍රෑම් 50 බර පන්තියෙන් ඊයේ තරග බිමට පිවිසි නිපුනි වාසනා සුදුසුකම් ලැබීමේ වටයේදී පිලිපීන ක්‍රීඩිකා ජියා පින්ගෝට්ට එරෙහිව ප්‍රබල සටනක් දීමට සමත් වූවාය.

මේ තරගය ලකුණු 5-5ක් ලෙස සමව නිමා වුවත්, වර්ගීකරණ ලකුණු (Classification Points) අනුව ප්‍රතිවාදී ක්‍රීඩිකාවට වඩා ලකුණු 2ක් (3-1) ලබාගත් අතර, තාක්ෂණික ලකුණු 5-5ක් ලෙස සමව ලබා ගත්තාය. ලකුණු අනුව මේ තරගයේ ජය හිමිවීමෙන් (VPO1) අර්ධ අවසන් වටයට පිවිසීමට 19 හැවිරිදි නිපුනිට හැකි වූ අතර, එහිදී 18 හැවිරිදි චීන ප්‍රබල ක්‍රීඩිකා යූ ෂැංග් හමුවේ 4-0ක් ලෙස පරාජය වීමට සිදු වූවාය. මෙහිදී නිපුනිට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, පසුගිය වසරේ පැවති අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවලියේදී මේ බර පන්තියේ රන් පදක්කම දිනාගත් මේ ක්‍රීඩිකාව පසුගිය වසරේ ජගත් මට්ටමේ ලෝකඩ පදක්කම් ද්විත්වයක් සහ 2023දී ආසියානු රන් පදක්කම් දෙකක් දිනා තිබේ. මේ අතර නෙත්මි අහිංසා කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ අද (28) මෙරට වේලාවෙන් පස්වරු 1.00ට දකුණු කොරියාවේ යංජික් ක්වොන් සමඟ සුදුසුකම් ලැබීමේ තරගයට එක්වීමට නියමිතය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT