Home » රියැදුරාට නින්ද ගිහින් ඩබල් කැබ් රථය නානුඔයේ දෙදෙනෙක් රෝහලේ

රියැදුරාට නින්ද ගිහින් ඩබල් කැබ් රථය නානුඔයේ දෙදෙනෙක් රෝහලේ

by sachintha
March 28, 2025 4:01 pm 0 comment

ගිනිගත්හේනේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඩබල් කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නුවරඑළියේ සිට කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඔයට පෙරළීමෙන් එම ඩබල් කැබ් රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඊයේ (27) ඇතුළත් කර ඇති බව නානුඔය පොලීසිය පවසයි.

මෙම අනතුර සිදු වී ඇත්තේ උදෑසන 6.00 ට පමණ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බ්ලැක්ෆූල් මංසන්ධිය ආසන්නයේ දීය.

ධාවනය වෙමින් තිබූ ඩබල් කැබ් රථයේ රියැදුරාට නින්ද යෑමෙන් මාර්ගයෙන් ඉවතට පැන ඇති ඩබල් කැබ් රථය ප්‍රධාන මාර්ගය අබියස පිහිටි කොන්ක්‍රීට් සැතපුම් කණු කිහිපයක් කඩාගෙන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් වූ නානුඔය ඔයට පෙරළී මෙම අනතුර සිදු වී ඇති බවත්, ඩබල් කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ ඩබල් කැබ් රථය තුළ තිදෙනෙකු ගමන් කර ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නානුඔය පොලීසිය පවසයි. අනතුරින් ඩබල් කැබ් රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇත.

හැටන් – රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT