Home » ගැබිනි මවුවරුන් උදෙසා ආශීර්වාද වැඩසටහනක් පස්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී

ගැබිනි මවුවරුන් උදෙසා ආශීර්වාද වැඩසටහනක් පස්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී

by sachintha
March 28, 2025 4:58 pm 0 comment

පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ගැබිනි මවුවරුන් උදෙසා පවත්වනු ලැබූ සෙත් ශාන්තිකර්ම ආශීර්වාද වැඩසටහනක් පෙරේදා (26) ඌරුබොක්ක පස්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සෙනෙහස ගැබිනි මවුවරුන් උදෙසා සංස්කෘතික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පස්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ගැබිනි මවුවරුන් උදෙසා පැවැති මෙම සෙත් ශාන්තිකර්මය සිදු කරනු ලැබුවේ දෙණියාය අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය ගුරු උපදේශක, ශාන්තිකර්ම හා පාරම්පරික නැටුම් ශිල්පී කේ. කරුණාදාස මහතා විසිනි.

මෙම අවස්ථාවට පස්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී.කේ. බන්දුතිලක මහතා, පස්ගොඩ පරිපාලන පවුල් සෞඛ්‍ය නිලධාරි පියසීලි මහත්මිය සමඟ සෙනෙහස ගැබිනි මවුවරු සෙත් ශාන්තිකර්මයෙන් ආශීර්වාදය ලබා ගැනීම සඳහා ගැබිනි මව්වරුන් සියයකට අධික පිරිසක් සමඟ පියවරුන් පිරිසක් ද සහභාගි වී සිටියහ. පස්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි එස්.බී.ඒ. අරුණි ශ්‍යාමලී මෙණෙවිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද්‍ර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT