ශ්‍රී ලංකා තායිලන්ත රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කර වසර 70ක් ගතවීම නිමිත්තෙන් සහ තායිලන්ත මහා චක්‍ර සිරින්දෝන් කුමරියගේ 71 වැනි ජන්ම දිනය සමරා ලංකාවේ පුද්ගලයින් 71 දෙනෙකු තාවකාලිකව පැවිදි කරවීමට කොළඹ රාජකීය තායි තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම පිංකම අද (28) සිට අප්‍රේල් 11 වැනිදා දක්වා තායිලන්තයේ දී පැවැත්වේ. එම පිංකමට සහභාගි වන කණ්ඩායම අද (27) රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මෙම පිංකම සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ කොටහේන දීපදුත්තාරාම තායි විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර සම්බුද්ධ සාසනෝදය මහා සංඝ සභාවේ මහනායක ආචාර්ය වස්කඩුවේ මහින්ද වංශ හිමියන්ය.
සහභාගි වන කණ්ඩායමට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට, භාවනා වැඩසටහන්වලට සහභාගි වීමට අවස්ථාව ලබා දීමට තායිලන්ත රජය කටයුතු කර තිබේ.