Home » Ivy Global Campus ආරම්භ වෙයි

Ivy Global Campus ආරම්භ වෙයි

by sachintha
March 28, 2025 4:35 pm 0 comment

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට ජාත්‍යන්තර තෘතියික අධ්‍යාපනය සමඟ අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයක් තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථාවන් උදාකර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් (Ivy Global Campus) උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා නිල වශයෙන් කොළඹදී ආරම්භ කෙරිණි. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රැසක සහයෝගිතාවය ඇතිව ගෝලීය රැකියා වෙළඳපොළට ගැළපෙන උසස් අධ්‍යාපන පාඨමාලාවන් රැසක් ශ්‍රී ලාංකික සිසුන්ට හඳුන්වා දෙනු ඇත. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවත්වුණු අතර, ඊට සර්වෝදය ආයතනයේ සභාපති ආචාර්ය වින්‍යා ආරියරත්න, තෘතීය සහ වෘත්තීයමය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජිත් පොල්වත්ත, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු සුවිශේෂී ආරාධිතයෝ රැසක් සහභාගි වූහ. අයිවි ග්ලෝබල් කැම්පස් ආයතනය සිංගප්පූරු උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය කේන්ද්‍රකර ගෙන ක්‍රියාත්මක සිංගප්පූරුවට අමතරව එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් රැසක කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ සහයෝගිතාවයන් හරහා උසස් අධ්‍යාපන සහ වෘත්තීයමය අධ්‍යාපන පාඨමාලා පිරිනැමීම සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT