Home » අනුර බණ්ඩාරනායක අනුස්මරණ පදනමින් අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව

අනුර බණ්ඩාරනායක අනුස්මරණ පදනමින් අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව

by sachintha
March 28, 2025 4:31 pm 0 comment

 

සත්‍යය සහ සාධාරණත්වය සඳහා වූ අනුර බණ්ඩාරනායක අනුස්මරණ පදනම මඟින් වාර්ෂිකව සංවිධානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල ශාලාවේ දී පැවැත්විණි.

අපොස සා.පෙළ විශිෂ්ට ලෙස සමත් දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සිසුන් හට උසස්පෙළ අධ්‍යාපනය සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනැමේ.

මෙහිදී රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නුවන් සමීර මහතා විසින් සිසුන් සඳහා විශේෂ දේශනයක් පැවැත්වූ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක යන මහත්මීන් අතින් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිණි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනියගේ ලේකම් ඩබ්ලිව්. ජේ.එස්. කරුණාරත්න, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිශ්‍ශංක වෑගොඩපොළ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT