ජාතික අලුත් සහල් මංගල්‍යයට සමගාමීව සංවිධානය කරන ලද කළුතර දිස්ත්‍රික් අලුත් සහල් මංගල්‍යය ඊයේ (27) උදේ කළුතර ඓතිහාසික බෝධි රාජයාණන් අබියසදී පැවැත්විණි.
කළුතර දිස්ත්‍රික් ලේකම් ජනක කේ. ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ආරම්භ කරමින් කළුතර දිස්ත්‍රික්කයේ ගොවීන් තම වගා බිම්වලින් නෙළා ගත් අස්වැන්නේ පළමු කොටස රැගෙන කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට පෙරහරින් කළුතර බෝධි පරිශ්‍රය වෙත පැමිණෙන ලදී .
ගොවීන් කළුතර බෝධි රාජයාණන් අබියස තැබූ සුවිසල් බඳුන අලුත් සහලින් පිරවීමට කටයුතු කළහ. ඉන් අනතුරුව කළුතර බෝධි පරිශ්‍රයේ කිරි උතුරුවන ලදී.
කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශානිත ත්‍රිමාන්න, කළුතර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ඉශංක යූ.කේ.ලියනගේ, බේරුවල ප්‍රාදේශීය ලේකම් ජානක පෙරේරා, සහකාර දිස්ත්‍රික් ලේකම් සුරංග ප්‍රදීප් සහ කළුතර සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා ගජනායක, මූලස්ථාන ගොවිජන සේවා නිලධාරී නඳුන් අල්විස්, කළුතර දිස්ත්‍රික් ගොවි සංවිධාන සභාපති අමරදාස පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කළුතර දූවේ පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කෝංගොඩ විමලඥාන හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙහිදී ආගමික වතාවත් ඉටු කරන ලදී.
කළුතර මධ්‍යම සමූහ – සුනිල් ස්ටැන්ලි