හොරණ රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිස්ත්‍රික් රෝහල ආසන්නයේදී පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් කුඩා ලොරියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඉංගිරිය පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් අතර කුඩා ලොරියේ රියැදුරු සහ සහායකයා, බස් රථ රියැදුරු මෙන්ම මවුවරුන් දෙදෙනෙකු හා පාසල් සිසුන් දස දෙනෙකු වන බව පොලීසිය පවසයි. එම සිසුන් අතර ලොරි රියැදුරුගේ පුතු ද වන බව පොලීසිය සඳහන් කරයි.
ඉංගිරිය ගාමිණී මහා විද්‍යාලයේ සිසුන් 25 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මවුවරුන් තිදෙනෙකු සමඟ දොඹගොඩ විද්‍යාලයේ පැවැත්වෙන වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් තරගයකට සහභාගි වීම සඳහා කුඩා ලොරියකින් ඉංගිරිය සිට හොරණ දෙසට යමින් සිටියදී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්, දිස්ත්‍රික් රෝහලත් අතර දී හොරණ දෙස සිට ඉංගිරිය දෙසට පැමිණි බස් රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය පැවැසීය.
සිදු වූ අනතුරත් සමඟම ලොරියේ සිරවී සිටි රියැදුරු සහ සහායකයා පාසල් සිසුන් අසල්වාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන ඉංගිරිය දිස්ත්‍රික් රෝහල ඇතුළත් කර ඇත.
ඉංගිරිය දිසා රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී බරපතළ තත්ත්වයේ සිටි ලොරියේ රියැදුරු, සහායක, බස් රථ රියැදුරු, මවුවරුන් දෙදෙනෙකු, පාසල් සිසුන් 6 දෙනෙකුදට මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
ඉංගිරිය රත්නපුර මාර්ගය මිටර් 3.10 බැගින් මං තීරු දෙකකි.
මැක්සිමෝ වර්ගයේ අනතුරට පත් කුඩා ලොරියේ රියැදුරා ඉදිරියෙන් ගමන් ගත් වෙනත් වාහනයකට ඉස්සර කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ මං තීරුවට රථය ධාවනය කර ප්‍රතිවිරුද්ධ මංතීරුවේද මිටර් 2.40ක් ආක්‍රමණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි ඉංගිරිය පොලීසිය පවසයි.
ඒ හේතුවෙන්, ලොරියේ ඉදිරිපස කොටස බස් රථයේ දකුණු පස ඉදිරිපස කොටස හා එකිනෙක මුහුණට මුහුණ ගැටී ඇතැයි පොලීසිය පැවැසීය.
බස් රථ රියැදුරා දැඩි ආයාසයක් දරා නියමිත මං තීරුවෙන් පිටතට බස් රථය ධාවනය කර අනතුර මේ ආකාරයෙන් හෝ වළක්වා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සිදුවූ අනතුරින් ලොරියට දැඩි අලාභහානි සිදුවී ඇත.
ඉංගිරිය පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම – බිමල් ජයසිංහ
ගල්පාත – චන්දන ජයලාල්