Home » රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න

රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න

-විපක්ෂ නායක

by sachintha
March 28, 2025 4:36 pm 0 comment

 

සුබ නැකතින් රට අනුරට දුන්නේ කෙඳිරි නොගා වැඩ කරන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වෙනුවෙන් පෙරේදා (27) පැවති වැඩමුළුවකදී අදහස් දක්වමිනි.

මේ වන විට ජනතාව අන්ත දුක්ඛිත අන්ත දුෂ්කර ජීවිතයකට වැටී තිබෙන බවත් අද ගෙදරට ලැබෙන ආදායමේ වර්ධනයක් නැති වුවත් බඩු මිල අහස උසට වැඩි වී ජනතාව අමාරුවෙන් ජීවත් වන බවත් හෙතෙම කීවේය.

එදිනෙදා වේල් 3 අමාරුවෙන් පිරිමහ ගන්නා බවත් මේ රජය ජනතාව මත පීඩනය පටවන්න දක්ෂ ද කිව්වොත් හාල් පොල් ආදී අත්‍යවශ්‍ය ආහාර පානවල මිල ඉහළට නංවා ඇති බවත් කීවේය.

ජනතාව ප්‍රශ්න රැසක ඉන්න විට රජය සහ රජයේ නියෝජිතයන් කෙඳිරි ගාන බවත් රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නොමැති වී බරපතළ බෙහෙත් හිඟයක් පැවතීම ආදිය සිදුවන බවත් රෝහල් පද්ධතියේ බෙහෙත් නැති වීම බරපතළ ගැටලුවක් බවත් හෙතෙම කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT