නොයෙක් පැතිවලට විසිරී සිටින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය කරවීමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය.
කොළඹදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී කරුණානායක මහතා මෙසේද කීය. දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය නැති කරන්න හදනවා. භූතයෝ දෙන්නෙක් පක්ෂය දියාරු කරනවා. ඔවුන් රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරුවෙක් කරගෙන වැඩ කරන්න හදනවා. එක්සත් ජාතික පක්ෂය කළ වැඩ ගැන කතා කරන්න දැනට පාර්ලිමේන්තුවේ සිටින එකම පුද්ගලයා මමයි. ඒත් මට කුඩම්මාගේ සැලකිලි දක්වලා මට පක්ෂයේ සමහර රැස්වීම්වලට කතා කරන්නෙත් නැහැ. මගේ ගමන මා කොහොමත් යනවා. මෙය අධෛර්යමත් කරන අවස්ථාවක් නෙවෙයි. සියලුම දෙනා එක්ව වැඩ කළ යුතුයි. මෙය කාගේ හෝ කුමන්ත්‍රණයකට සිදු කරන දෙයක්දැයි සිතෙනවා.
මා සමගි ජන බලවේගයට ගියා කියන ආරංචිය සම්පූර්ණයෙන්ම බොරුවක්. මා එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. ඔය ආරංචි අර භූතයෝ දෙන්නා යවන ඒවා. මේ ඡන්දයට පසු අප සියලු දෙනාම ඒකරාශි වී කටයුතු කළ යුතුයි.
එක්සත් ජාතික පක්ෂයේ සිටි අය අද සෑම තැනකම විසිරිලා සිටිනවා. මා ඒ සියලු දෙනාම දිනවීමට කටයුතු කරනවා. එවිට පුළුල් විපක්ෂ සංවිධානයක් ඇති වෙනවා. භූතයෝ දෙන්න අයින් කරලා සෑම දෙනාම එක් වෙන්න කටයුතු කරනවා නම් එය අපේ රටට හොඳයි යැයිද කීවේය.
ශිරෝමි අබයසිංහ