මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිත 2025 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 22, 23, 24 දිනවල සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන අයට නැවත අප්‍රේල් 28 හා 29 දිනවල ඒ සඳහා අවස්ථාව ලැබෙන බවද මැතිවරණ කොමිසම පවසයි.
ඡන්ද වීමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන අප්‍රේල් මස 7 වැනි දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී සිදු කරන බවද කොමිසම නිවේදනය කරයි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස සහ කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩලවල සිටින නිල ඇඳුම් කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනියුක්ත සිවිල් කාර්ය මණ්ඩල සඳහා ලබන අප්‍රේල් මස 22දා වෙන්කර තිබේ.
ත්‍රිවිධ හමුදා කඳවුරු, සෙසු සියලුම රාජ්‍ය ආයතන සඳහා අප්‍රේල් මස 23 සහ 24 දෙදින වෙන්කර ඇත. ඉහත කී අයට තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූයේ නම්, අප්‍රේල් මස 28 සහ 29 දෙදින තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලවලදී ඡන්දය සලකුණු කළ හැකි බව කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුභාෂිණී සේනානායක