ජාතික සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් සත්ත්වෝද්‍යානයෙන් දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ මියර් කැට් ජෝඩු 6ක් පෙරේදා (26) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කරනු ලැබීය. පසුගිය පෙබරවාරි 10දා මෙරටට ගෙන්වා ඇති මෙම මියර් කැට් සතුන් මාසයකට අධික කාලයක් පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබූ බව දෙහිවල සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය ආර්.සී. රාජපක්ෂ මහතා පැවසීය. මෙම සත්ත්ව ජෝඩු 6 මේ වනවිට වයස අවුරුදු 2ත් 6ත් අතර පසුවෙති. උපරිම වශයෙන් වසර 15ක කාලයක් ජීවත් වන බවත්, ලෝකයේ වැඩි වශයෙන් අප්‍රිකාවේ හවානා තණබිම් හා කඳු ආශ්‍රිත කැලෑබදව වාසය කරනු ලබන සත්ත්ව විශේෂයක් වන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනූෂිකා මානවඩු මෙණෙවිය පැවසුවාය.
දෙහිවල – ඩී. පී. හේරත්