Home » නාට්‍ය යනු පුද්ගල ජීවිත විකසිත කළ හැකි බලගතු කලා මාධ්‍යයක්

නාට්‍ය යනු පුද්ගල ජීවිත විකසිත කළ හැකි බලගතු කලා මාධ්‍යයක්

ඇමැති සුනිල් සෙනෙවි

by sachintha
March 28, 2025 4:26 pm 0 comment

නාට්‍ය යනු පුද්ගල ජීවිත විකසිත කළ හැකි බලගතු කලා මාධ්‍යයක් යැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය සුනිල් සෙනෙවි මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) එල්ෆින්ස්ටන් රඟහලේ පැවති ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලයෙන් සම්පාදිත ‘අභිනය කලාපය’ ඇමැතිවරයාටත්, ප්‍රවීණ කලාකරුවන්ටත් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ගෝලීය උණුසුම වැඩිවීමේ ගැටලුවකට ලෝකය මුහුණදී ඇති මේ මොහොතේ එවැනි මාතෘකා නාට්‍ය සහ චිත්‍රපට සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. පුද්ගල සමාජ ජීවිතය, දේශපාලන ඉදිරියේ තිබෙන අභියෝග වැනි දේ නාට්‍ය කලාවෙන් ආමන්ත්‍රණය කළ හැකියි. පැරණි නාට්‍ය වේදිකාගත කිරීමේදී එකල නළු නිළියන් ඇඳි වස්ත්‍රාභරණාදිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් මේ වන තෙක් ක්‍රියාත්මක කර නෑ. අලුත් රජයක් ලෙස නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවීමට සූදානම්.”

මේ අවස්ථාවට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. එම්. එස්. දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු ද, ප්‍රවීණ කලාකරුවෝ ද එක් වූහ.

රන්මලී සෝමසිරි

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT