29
මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ඊයේ (27) උදෑසන පැමිණියාය.
එහිදී ඇය පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සහ පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සමඟ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.
පැයකට ආසන්න කාලයක් පැවැති මේ සාකච්ඡාව අතරතුර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දුරකතනය හරහා කෙටි වේලාවකට සම්බන්ධ විය. අනතුරුව ජූලි චන්ග් මහත්මිය සිරිකොත පක්ෂ මූලස්ථානයේ නීරීක්ෂණ චාරිකාවකට ද එක්වූවාය.