එදා යුද්ධයෙන් වින්දිතයන් බවට පත්ව සිටි උතුරු හා නැඟෙනහිර ජනතාව අද වන විට සතුටින් ජීවත්වන බව හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා,
හිටපු පස්වන විධායක ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා මේ රටේ මිනිස්සු ත්‍රස්තවාදීන්ගෙන් බේරගන්න තිබෙන වුවමනාවට තමයි මේ යුද්ධය කළේ කියලා. නැතිව දෙමළ ප්‍රජාවටවත්, වැසියන්ට විරුද්ධව නොවේ. අද ඒ වැසියෝ උතුරේ, නැඟෙනහිර මේ යුද්ධයෙන් වින්දිතයෝ වෙලා හිටපු සියලුදෙනා අද සතුටින් ජිවත්වෙනවා. අද සියලු දේ ඒ ප්‍රදේශවල නිෂ්පාදනය වෙනවා. රණවිරු විදිහට එදා ජනාධිපතිතුමාගෙන්, ආණ්ඩුවෙන් ලැබිච්ච පණිවිඩයට ඒ පිරිස වැඩ කළේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට යටත්වෙන්න ඕන. 2022 අපි ඔය වගේ සිවිල් අරගලයක් දැක්කා. සිවිල් අරගලය කරපු පිරිස නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් මැරුවා.
හැබැයි එදා තිබුණු ආණ්ඩුව එක තුවක්කුවක් පත්තු කළේ නැහැ. ඒ අවස්ථාවේ අගමැතිවරයා පස්වන විධායක ජනාධිපතිතුමාමයි. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා එදා හිටපු ආරක්ෂක ලේකම්තුමාමයි. යුද්ධය ත්‍රස්තවාදීන්ට කරන විදිහත්, යුද්ධය ත්‍රස්තවාදීන්ට විරුද්ධව ඒ අභිලාෂයන් දිනාගන්නා විදිහත් එයින් පසු සිවිල් අරගලය මැඬපැවැත්තු වූ විදිහත්, ඒ නිසා සිවිල් අරගලයෙන් අවාසි වුණේ ජාතිකවාදී ආණ්ඩුවට යැයිද කීවේය.
මහින්ද අලුත්ගෙදර