රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ විස්සයි ග්‍රෑම් එකසිය පනහක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවකු පෙරේදා (26) ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම මඟින් කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව පරන්තන් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන්ගත් සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කර තිබේ. එහිදී එම ලොරි රථයේ ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ විස්සයි ග්‍රෑම් එකසිය පනහක පමණ තොගයක් සමඟ සැකකරුවකු සහ එම ලොරි රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර එම සැකකරු, කේරළ ගංජා තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
රක්ෂණ ශ්‍රියන්ත