ඕපාත නාගහමුල දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ගම්මඩු ශාන්ති කර්මය 89 වන වරටත් හෙට (29) අංක 05 කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඕපාත නාගහමුල දේවාලය අසල දී පැවැත්වේ. ඒ.ඒ. ගාමිණී චන්ද්‍රතිලක මහතාගේ ප්‍රධාන දායකත්වයෙන් පැවැත්වෙන බුජ්ජම්පොළ මධුරංජන (ඇඩ්සන් ගුරුතුමා) මහතාගේ නැටුම් කණ්ඩායම නර්තන දායකත්වය සපයයි.
මෙදින සවස 5.00ට පෙරහරින් දේවාභරණ වැඩමවා, මිල්ල කැපීම, දේව ආරාධනාව, රාත්‍රී පහන් පූජාව, යහන් දැක්ම, මල් යහන් ඔප්පු දීම, කාල පන්දම් ඔප්පු කිරීම, ගිනි කුරුම්බර පිදීම, පත්තිනි ඇදීම, පන්දම් නැටීම, මුරුතැන් පූජාව, අඹ විදමන, වාහල නැටීම පවත්වා අලුයම 4.00ට කඩවර පූජාව දීම, සුදු කුරුම්බර පිදීම, කිරි අම්මාවරුන්ට දානය දීම, කලහ වැඩීම, ගරා යක්පෑම, කිරි ඉතිරවීම හා දෙවියන්ට පින් දීමෙන් ගම්මඩුව අවසන් වේ.