Home » ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති – ඇමැතිනී සාවිත්‍රි

ශ්‍රී ලංකා-ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති – ඇමැතිනී සාවිත්‍රි

by sachintha
March 28, 2025 4:53 pm 0 comment

දසවැනි පාර්ලිමේන්තුවට පත්කරන ලද ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කාන්තා හා ළමා කටයුතු ඇමැති සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථාවේදී ඇමැතිනී සාවිත්‍රි සරෝජා පෝල්රාජ් මහත්මිය මෙලෙස සභාපති ධුරයට තේරී පත් වූවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ නියෝජ්‍ය තානාපති (Charge d affaires) මාරි නොඑල්ලි ඩුරිස් (Marie -Noelle Duris) මහත්මිය මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූවාය‍.

මේ අතර ශ්‍රී ලංකා – ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා තේරී පත් විය.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT