Home » ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන නුගේගොඩින් අරඹයි

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන නුගේගොඩින් අරඹයි

by sachintha
March 28, 2025 4:48 pm 0 comment

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ඊයේ (27) නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ කෙරිණි.

මේ අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රදානය කිරීම සිදු කළ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනා ගැනීමට ඩ්‍රෝන යානා තාක්ෂණය යොදාගැනීම ද විශේෂ අවස්ථාවකි.

පැමිණ සිටි පිරිස අමතමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා මෙලෙස සඳහන් කළේය.

“මේ වැඩපිළිවෙළට නිරන්තරයෙන් සහයෝගය දක්වන සෞඛ්‍ය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තූතිය පිරිනමනවා. බස්නාහිර පළාතේ දින තුනක ඩෙංගු මඬින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මා සතුටු වෙනවා. මේ වසරේ ඩෙංගු කැපීපෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වන විට මේ තත්ත්වය තවත් සතුටුදායක වෙනවා. ඩෙංගු මර්දනයට ආණ්ඩුකාරවරයා වශයෙන් දිය හැකි සියලු ආකාරයේ සහයෝගය දෙනවා.”

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්. ඒ. කළුකපුආරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT