මහනුවර ජාතික රෝහල කේන්ද්‍ර කර ගනිමින් විකලාංග වෛද්‍ය හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගත් ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට තායිලන්ත රජයේ එකඟතාව පළ කරයි.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීම මේ වර්ෂයේදී සිදු කරන අතර, එය නිමිති කර ගනිමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තායිලන්තය එකඟතාව පළ කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මෙරට තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් (Paitoon Mahapannaporn) මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා සිදු වූ අතර, එහිදී මේ එකඟතාව පළ කර තිබේ.
මේ ව්‍යාපෘතියෙන් සැත්කම් පමණක් නොව තායිලන්තයේ විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ මෙරට වෛද්‍යවරුන්ගේ දැනුම, කුසලතා හුවමාරු කරගැනීමට ද අවස්ථාව උදාවන බව ඇමැතිවරයා පැවැසුවේය.
මෙහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළ පිළිබඳ මෙරට තායිලන්ත තානාපතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් දීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරළීම සඳහා තායිලන්ත රජයේ සහාය අඛණ්ඩව දෙන බව පයිටූන් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම, තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතා පිළිබඳව ද මෙහිදී අදහස් හුවමරු කර ගත් අතර, තායිලන්ත තානාපතිවරයා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද පැවැසීය. තායිලන්තය බෞද්ධ දාර්ශනික රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තායි සංචාරකයන්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට තායිලන්තයේ සහාය දෙන බවට ද සහතික විය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මේ හමුවේදී දෙරට අතර සෞඛ්‍ය, වෙළෙඳ, ආයෝජන සහ සංචාරක වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කරගැනීමේ කැපවීම ද අවධාරණය කෙරිණි. මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු තායිලන්ත තානාපති කාර්යාල නියෝජිතයෝ එක්ව සිටියහ.
සන්ධ්‍යා කරුණාරත්න