Home » නීති විරෝධී සංක්‍රමණවලට එරෙහිව එක්සත් ජනපදය දැඩි පියවර ගන්නවා

නීති විරෝධී සංක්‍රමණවලට එරෙහිව එක්සත් ජනපදය දැඩි පියවර ගන්නවා

-ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්

by sachintha
March 28, 2025 8:15 am 0 comment

අමෙරිකාව ආරක්ෂිත, ශක්තිමත් සහ සමෘද්ධිමත් දේශයක් බවට පත්කිරීම උදෙසා, ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් එක්සත් ජනපදය ආගමන නීති අනුගමනය කරන බවට සහතික කරයි. ඔබ නීති විරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළුවීමට උත්සාහ කළහොත්, වීසා බලපත්‍රයක් ලබා ගැනීමට අසත්‍ය ප්‍රකාශ කළහොත්, නීතිමය අවසරයකින් තොරව රැකියාවක නියැළුණහොත් හෝ ඔබේ වීසා හෝ වීසා නිදහස් කාලසීමාව කල් ඉකුත් වූ පසු එක්සත් ජනපදයේ රැඳී සිටියහොත්, ඔබට බරපතළ දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. මේ සඳහා සිරදඬුවම් ලබාදීම, පිටුවහල් කිරීම සහ අනාගතයේ දී එක්සත් ජනපද වීසා බලපත්‍රයක් ලබාගැනීම ස්ථිර ලෙස තහනම් කිරීම ද ඇතුළත් වේ.

ඔබේ පවුලේ අය හෝ මිතුරන් නීති විරෝධී ලෙස එක්සත් ජනපදයේ රැඳී සිටී නම්, දැන් ඔවුන්ට නැවත නි‍ෙවසට පැමිණෙන ලෙස පැවසීමට කාලයයි මේ. ඔබ නීතිවිරෝධී ලෙස ඇතුළු වීමට හෝ රැඳී සිටීමට උත්සාහ කළහොත් ඔබව හසු වනු ඇත.

සමහර පුද්ගලයන් විශ්වාස කරන්නේ ඔවුන්ට එක්සත් ජනපදයට නීති විරෝධී ලෙස ඇතුළු වී අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටිය හැකි බවයි. මෙය සත්‍ය නොවේ. ට්‍රම්ප් පරිපාලනය, දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කර ඇති අතර අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන නීති විරෝධී විදේශිකයන් සංඛ්‍යාව බෙහෙවින් වැඩිකර ඇත.

නීති විරෝධී දේශසීමා මාර්ග තරණය කිරීම් 2025 පෙබරවාරි මාසයේ දී, 2024 පෙබරවාරි හා සසඳන විට සියයට 94කින් පහත වැටී ඇති අතර, එක්සත් ජනපදය තුළ නීති විරෝධී ලෙස දේශසීමා තරණය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සියයට 627කින් වැඩි වී ඇත. ඔබ නීති විරෝධී ලෙස එක්සත් ජනපද දේශසීමාවක් තරණය කිරීමට උත්සාහ කළහොත් හෝ එක්සත් ජනපදයේ රැඳී සිටියහොත්, ඔබව අත්අඩංගුවට ගෙන රඳවා තබා ආපසු යවනු ලැබේ. ඔබට කිසිදා ආපසු එක්සත් ජනපදයට පැමිණීම තහනම් කිරීමට හෝ දඩ සහ අපරාධ චෝදනාවලට මුහුණදීමට ද සිදුවිය හැකිය.

එක්සත් ජනපද වීසා වංචාවක නියැළීම බරපතළ ප්‍රතිවිපාකවලට හේතු වේ.

එක්සත් ජනපද වීසා ක්‍රියාවලිය ලෝකයේ ආරක්ෂිතම ක්‍රියාවලියකි. එහෙත්, සමහර පුද්ගලයෝ තවමත් අනුවණ ලෙස ව්‍යාජ ලියකියවිලි භාවිත කිරීමෙන්, අයදුම්පත් මත අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් හෝ ඔවුන්ගේ වීසා කල් ඉකුත් වූ පසු රැඳී සිටීමෙන් වංචා කිරීමට උත්සාහ කරති. මේවා වීසා වංචාවට උදාහරණ වන අතර එය බරපතළ අපරාධයකි. ඔබ මේ ආකාරයෙන් නීතිය කඩ කළහොත්, ඔබට දඬුවම් ලැබෙනු ඇති අතර, ඔබට නැවත කිසිදිනෙක එක්සත් ජනපදයට ඇතුළු වීමට ඉඩනොදෙනු ඇත.

එක්සත් ජනපද දේශසීමාවට යන ගමන අනතුරුදායක වේ.

නීති විරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වීමේ භයානක ගමන යාමට සලකා බලන අය, ඔබේ ආරක්ෂාව සහ ඔබේ ජීවිතය පවා – අවදානමට ලක්ව ඇති බව තේරුම් ගන්න. අපරාධ කණ්ඩායම්, ජාලයන් සහ මිනිස් ජාවාරම්කරුවන්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉලක්ක කර ගනිමින්, ඔවුන් ප්‍රචණ්ඩත්වයට, කප්පම් ගැනීමට සහ පහරදීමට ලක්කරයි. මෙම ගමනට උත්සාහ කරන බොහෝ දෙනෙක් කිසිවිටෙකත් තම ගමනාන්තයට ළඟා නොවෙති.

නීතිවිරෝධී ලෙස එක්සත් ජනපද දේශසීමාවට ඇතුළු වීමට උත්සාහ කරන පුද්ගලයින් නැවැත්වීමට සහ ඔවුන් එක්සත් ජනපද දේශසීමාවට ළඟාවීමටත් පෙර ආපසු යැවීමට එක්සත් ජනපදය, බටහිර අර්ධගෝලයේ අනෙකුත් රටවල් සමඟ කටයුතු කරයි. අපගේ දේශසීමා සුරක්ෂිත කිරීමෙන්, අපි අමෙරිකානු පුරවැසියන් ආරක්ෂා කරනවා පමණක් නොව, නීති විරෝධී සංක්‍රමණ නිසා ඇතිවන දුෂ්කරතා වළක්වා ගැනීමට ද කටයුතු කරමු.

ට්‍රම්ප් ජනාධිපතිතුමා සියලු දෙනාටම ඔවුන්ගේ ක්‍රියාවන්ට වගකිවයුතු බව සහතික කරයි.

නීතිවිරෝධී ලෙස රටට ඇතුළු වීමට අන් අයට උදව් කරන අයට එරෙහිව ද එක්සත් ජනපද රජය පියවර ගනිමින් සිටියි. මෙයට ජාවාරම්කරුවන්, මිනිස් ජාවාරම්කරුවන් සහ නීති විරෝධී සංක්‍රමණ දිගටම කරගෙන යාමට ඉඩ සලසන විදේශීය රජයේ නිලධාරීන් පවා ඇතුළත් වේ.

මෑතක දී, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා, නීති විරෝධී සංක්‍රමණ නැවැත්වීමට උදව් කිරීමට අපොහොසත් වන ආගමන, රේගු සහ වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය ඇතුළු විදේශීය නිලධාරීන් සඳහා නව වීසා සීමා කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළේය. මෙය ප්‍රවාහන හා සංචාරක කර්මාන්තවල නියැළෙන පුද්ගලයන්ට දැනට පවතින සමාන මට්ටමේ සීමාවන් මත ගොඩනැඟේ. නීති විරෝධී සංක්‍රමණ සඳහා පහසුකම් සැලසීමෙන් එක්සත් ජනපද ආරක්ෂාවට තර්ජනයක් වන අය අපේ රට තුළ පිළිගනු නොලැබේ.

තේරීම පැහැදිලියි – නීතියට අනුකූල වන්න

නීති විරෝධී ලෙස එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ අවදානම ඕනෑම විය හැකි ප්‍රතිලාභයකට වඩා බෙහෙවින් වැඩි ය. ඔබට ඔබේ ජීවිතය අහිමි විය හැකිය, අපරාධකරුවන්ගේ ගොදුරක් විය හැකිය, නැතහොත් ඔබේ අනාගතයට සහ ඔබේ පවුලේ අනාගතයට හානි කරන වාර්තාවක් සමඟ අවසන් විය හැකිය.

නීති විරෝධී ඇතුළුවීම එක්සත් ජනපද නීති කඩ කරනවා පමණක් නොව, එය ඔබගේ ආරක්ෂාව සහ යහපැවැත්මද අනතුරේ හෙළයි. මේ සඳහා බරපතළ දඬුවම් හිමිවේ : සිර දඬුවමට ලක්වීම, ඔබේ පවුලෙන් වෙන්වීම සහ එක්සත් ජනපදයට නැවත ඇතුළුවීම ස්ථිර ලෙස තහනම් කිරීම මේ අතර වේ.

නීති විරෝධී ලෙස එක්සත් ජනපදයේ සිටින කෙනෙකු ඔබ දන්නේ නම්, ඔබට ඔවුන් වෙනුවෙන් කළහැකි හොඳම දෙය වන්නේ ඔවුන් අත්අඩංගුවට පත්වීමට පෙර දැන්ම පිටව යාමට දිරිමත් කිරීමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT