එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පෙරේදා (26) දිනයේදී අපරාධමය පැමිණිලක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ පැමිණිලි 02ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම සම්බන්ධව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත වාර්තා වූ පැමිණිලි සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (28) නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.
ඒ අනුව 26වනවා වාර්තා වූ අපරාධමය පැමිණිල්ල පානදුර පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.
එදින හොරණ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණ කාන්තාවකට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇත.
හොරණ පොලිස් ස්ථානය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළව එක් පැමිණිල්ලක් මඩකලපුව පොලිස් කොට්ඨාසයේ වාලච්චේන පොලිස් ස්ථානයෙන් වාර්තා වී ඇත.
එම ප්‍රදේශයේ නිවසින් නිවසට ගොස් හාල්, සරම් හා මුදල් ලබා දෙන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
අනෙක් පැමිණිල්ල මොනරාගල පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ.
අලගියාවත්ත, මරගලවත්ත, කුමාරවත්ත හා කිරිමණ්ඩල මාවතේ දේවාල ආසන්නයේ ප්‍රචාරක පුවරු සවිකිරීමකට අදාළව මොනරාගල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිලි සම්බන්ධයෙන්ද ඒ ඒ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.