133
බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු හදිසියේ රෝහල්ගතකර තිබේ.
ඔහුට වැලදී ඇති පිළිකා රෝගයට සිදු කෙරෙන ප්‍රතිකාරවල අතුරු ආබාධ හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර තිබූ බව බකිංහැම් මාලිගය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් රජු නැවත සිය නිවස වන ක්ලැරන්ස් මන්දිරයට පැමිණ ඇති බවත්,මෙම රෝහල් ගත වීමේ දී ඔහුගේ බිරිඳ වන කැමිලා රැජින, රජු සමඟ රෝහලට ගොස් නැතැයි ද වාර්තාවේ.
එමෙන්ම, බර්මින්ග්හැම් නගරයේ ඔහු සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ සංචාරය රෝගී තත්ත්වය හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්වේ.
මේවන විට 76වැනි වියෙහි පසුවන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව වෛද්‍යවරුන් අනාවරණය කරගත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීය.