සුඩානයේ හමුදා ජෙනරාල්වරයන් දෙදෙනකු අතර පවතින බල අරගලය තවදුරටත් ව්‍යාප්ත කරමින් හමුදාපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජයේ හමුදාව එරට කාටුම් අගනුවර බලය තහවුරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අගනුවර නිදහස් කරගත් බවට හමුදාපති අබ්දෙල් ෆටා නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එරට රජයේ හමුදාව අගනුවර බලය අත්කර ගැනීමට පැය කිහිපයකට පෙර කාටුම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බලය ද තහවුරු කරගත් බව වාර්තා වේ.
වසර 2023 අප්‍රේල් මාසයේ සිට එරට පාර්ලිමේන්තුව ඇතුළු රාජ්‍ය පරිපාලනය සියතට ගත් හිටපු නියෝජ්‍ය අණදෙන නිලධාරී මොහොමඩ් හම්දාන්ගේ නායකත්වයෙන් යුතු පැරා මිලිටරි හමුදාවට මේ වන විට රජයේ හමුදාවෙන් දරුණු ප්‍රහාරයන් එල්ල වෙමින් පවතින බවත්, මේ වන විට එරට පාර්ලිමේන්තුවේ සහ මහබැංකුවේ බලය ද අත්කර ගැනීමට රජයේ හමුදාව සමත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.