දකුණු ලෙබනනයේ ප්‍රදේශ දෙකකට ඊශ්‍රායල හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෑත කාලයේදී ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ලෙබනනයේ මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය එසේ ප්‍රකාශ කළ ද, නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් එම මෙහෙයුම සිදු කළ බවය. දකුණු ලෙබනනයේ යොහ්මෝර් පළාතේදී හෙස්බුල්ලා සාමාජිකයන් ආයුධ තොගයක් හුවමාරු කරමින් සිටින බවට ලද බුද්ධි තොරතුරු මත එම පළාතේ හඳුනාගත් ස්ථාන වෙත ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.