Home » එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ඉන්දියාවෙන් ප්‍රතිසංස්කරණයක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට ඉන්දියාවෙන් ප්‍රතිසංස්කරණයක් ඉල්ලයි

by sachintha
March 28, 2025 4:42 pm 0 comment

එක්සත් ජාතීන්ගේ සාමසාධක සම්මුතිය සඳහා අරමුදල්, තාක්ෂණය සහ භට පිරිස් දායකත්වය වැඩිපුර සපයන රටවල් සඳහා වැඩි අවධානය යොමු කිරීමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අවශ්‍ය බව ඉන්දියාව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දීය නිත්‍ය නියෝජිත පර්වේදනෙනි හරිෂ් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේ විවාදයකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

වර්තමාන ලෝකයේ මතුවී ඇති නව තර්ජනවලට මුහුණදීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව නවීකරණය කළ යුතු බවත්, රාජ්‍ය නොවන සංවිධාන, සන්නද්ධ කණ්ඩායම්, ත්‍රස්තවාදීන් මෙන්ම ජාත්‍යන්තර අපරාධ ජාල මැඬපැවැත්වීම සඳහා එම නවීකරණය අත්‍යවශ්‍ය බව ඉන්දීය නිත්‍ය නියෝජිතවරයා එම රැස්වීමේදී පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව වැඩි දායකත්වයක් සපයන රටවල් මත පදනම්ව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා සඳහා නව සම්මුතියක් සකස් කිරීමට අසමත් වුවහොත් සාමසාධක මෙහෙයුම්වලට ලැබෙන අරමුදල් පහළ වැටීමට ඉඩ ඇතැයි ද ඉන්දීය නිත්‍ය නියෝජිත පර්වේදනෙනි හරිෂ් අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT