Home » අමෙරිකාවේ සිට චීනය බලා ගිය ගුවන්යානය ආපසු හරවයි

අමෙරිකාවේ සිට චීනය බලා ගිය ගුවන්යානය ආපසු හරවයි

-නියමුවා ගුවන් ගමන් බලපත්‍රය දමා ගිහින්

by sachintha
March 28, 2025 4:42 pm 0 comment

අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සේවයට අයත් යානයක නියමුවකුට සිය ගුවන්ගමන් බලපත්‍රය රැගෙන යෑමට අමතක වීම හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර සිට චීනයේ ෂැංහායි නුවර බලා පියාසර කළ ගුවන්යානයක් ආපසු හැරවීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ නියමුවාට ගුවන්ගමන් බලපත්‍රය අමතක වී ඇති බව අවබෝධ වන විට එම ගුවන්යානය පැසිෆික් සාගරය ඉහළින් පියාසර කරමින් තිබූ බවත්, නැවත ලොස් ඇන්ජලීස් නුවර බලා යෑමට තීරණය කර ඇත්තේ ඒ අනුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මේ සිදුවීම වන විට යුනයිටඩ් ගුවන්යානයේ මගීන් 270 දෙනකු සිටි අතර, නියමිත කාලයට වඩා පැය 6ක් වැඩිපුර පියාසර කිරීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි බවත් වාර්තා වේ. ගුවන් නියමුවාගේ අපරීක්ෂාකාරී හැසිරීම සම්බන්ධව එම ගුවන්සේවය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT