ඊශ්‍රායලය සමඟ යුද ගැටුම් ඇරැඹීමෙන් පසු පළමු වරට ගාසා තීරයේ පලස්තීනුවන් හමාස් සංවිධානයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද ගැටුම්වලින් වඩාත්ම බලපෑම් එල්ල වූ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව එම විරෝධතාවට එක්වී සිටින අතර, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර යුද්ධය වහාම අවසන් කරන ලෙස උද්ඝෝෂණයක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ගාසා තීරයේ යුද ගැටුම් ආවරණය කරමින් සිටින සීඑන්එන් පුවත් සේවයේ වාර්තාකරුවන් ප්‍රකාශ කර ඇත්තේ දහස් සංඛ්‍යාත පලස්තීනුවන් පිරිසක් එම විරෝධතාවට එක්වී සිටින බවය.
හමාස් සංවිධානයට එරෙහිව පලස්තීනුවන් විරෝධතාවක නිරත වීම ඉතා විරල සිදුවීමක් බවත්, පලස්තීනුවන්ගේ හමාස් විරෝධතාව ඊශ්‍රායලයට ජාත්‍යන්තර වශයෙන් වාසිදායක පසුබිමක් නිර්මාණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා යුද්ධයෙන් පීඩා විඳිමින් සිටින පලස්තීනුවන්ට මෙවැනි විරෝධතාවක නිරත වීමට අයිතිය ඇතැයි හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.