මේ වසරේ පළමු මාස දෙක ඇතුළත බංග්ලාදේශයේ කාන්තාවන් සහ බාලවයස්කාර දැරියන් 298 දෙනකු ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතුරින් කාන්තාවන් 98 දෙනකු සහ බාලවයස්කාර දැරියන් 44 දෙනකු දූෂණයට ලක්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. බංග්ලාදේශයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත රානා ෆ්ලවර්ස් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාස කිහිපය ඇතුළත එරට කාන්තාවන් හා බාලවයස්කාර දැරියන් අතවරයට ලක්වීම ඉහළ ගොස් ඇති බවය. එම ඒජන්සියේ වාර්තාවකට අනුව පසුගිය ජනවාරි මස 1 වැනිදා සිට මාර්තු මස 16 දක්වා කාලය අතරතුර බංග්ලාදේශයේ බාලවයස්කාර දැරියන් 50 දූෂණයට ලක්වී ඇති අතර, ඉතා දරුණු ලෙස දූෂණයට ගොදුරු වූ අට හැවිරිදි දැරියක මිය යෑම එහි බරපතළම සිදුවීම බව වාර්තා වේ. ලිංගික අතවරයට ගොදුරු වූ බාලවයස්කාර දැරියන්ගෙන් වැඩිදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කරන පාසල් වැනි අධ්‍යාපන ආයතන තුළදී එම තත්ත්වයට පත්වීම අතිශය කනගාටුදායක බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ බංග්ලාදේශ නියෝජිතවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
148
කලින් පුවත