Home » පේරු ජනපතිනිය ලබන වසරේ මහමැතිවරණය කැඳවයි

පේරු ජනපතිනිය ලබන වසරේ මහමැතිවරණය කැඳවයි

by sachintha
March 28, 2025 4:10 pm 0 comment

පේරු රාජ්‍යයේ උද්ගත වී ඇති ආරක්ෂක සහ දේශපාලන අස්ථාවරභාවයන් නිමා කිරීමේ අරමුණින් ජනාධිපතිනිය ඩීනා බොලුවාටේ ලබන වසරේ අප්‍රේල් 12 වැනිදා මහමැතිවරණය කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2022 දෙසැම්බරයේදී එරට පළමු කාන්තා ජනපති ලෙස වත්මන් ජනාධිපතිනිය ධුරයට පත්වීමට පෙර 2020 සිට 2022 දක්වා ජනාධිපතිවරු තිදෙනකු පත්වී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ලබන මාසයේදී මහමැතිවරණය පැවැත්වීමෙන් පසු එරට දේශපාලන අස්ථාවරභාවය නිමාවට පත්වනු ඇති බවත්, පේරු රාජ්‍යයේ වඩාත් යහපත් දේශපාලන පසුබිමක් නිර්මාණය වනු ඇති බවත් මහමැතිවරණය කැඳවමින් ජනාධිපතිනිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එරට ජනප්‍රිය ගායකයකු වන පෝල් ෆ්ලොර්ස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමත් සමඟ පේරු රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධව අර්බුදයක් ද මතුවී ඇති අතර, ආරක්ෂාව සහතික කිරීම සඳහා ලිමා අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද ජනපතිනියට සිදුවූ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT